සිංහල බෞද්ධ ජනතාවනි!
ඔබලා අපගේ අය්යලා බව කියවුනි; අපි මල්ලිලා බව සිතුවෙමු; ඔබලා අපට බිරියන් ලබාදුන් බව කියවුනි; අපි ඥාති සම්බන්දතා පැතුවෙමු; ‘මෙය සිංහල රටක් බව ඔබලා කීවත් රට බෙදා වෙන්කරලා අපටත් කොටසක් දෙන්නැයි කියා අප කිසිවිටකත් නොඉල්ලූවෙමු. ඇතැම් ආගමික විශ්වාසයන්, වත් පිළිවෙත් හා අපගේ භාෂාව හැර අන් කිසි දෙයකින් අපව ඔබලාගෙන් වෙන්කර නොදක්වයි.

තත්ත්වය මෙසේ තිබියදී, ඔබලාගෙන් පිරිසක් ක්‍ෂණිකව නැගී සිට, සියළුම මුස්ලිම්වරුන්ටම චෝ දනා පනවා විත්ති කූඩුවෙහි තබන්නෙහුය. මුස්ලිම්වරුන් ජාතිද්‍රෝහීන් ලෙසත් ස්පර්ශ නොකළ යුතු අය ලෙසත් කොන්කරති; විවේචනයට භාජනය කරති. “සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් සමග අපට කිසිම ප‍්‍රශ්නයක් නැතැ”යි ඔවුන් විටින්විට පැවැසුවද, මුස්ලිම්වරුන් වෙත දෝෂාරෝපනය නැඟීමේදී හා විවේචනය කිරීමේදී මුස්ලිම් නමින් සිටින සියළු දෙනා ඉලක්ක කරගනිති.
සභාපති, ශ්‍රී
ලංකා ජමාඅත් - ඒ- ඉස්ලාමි
0 comments:
Post a Comment
என்னை ஊக்குவியுங்கள்...